ජොලි සීයාගේ ලලක්කා සිංදුවේ ඇත්තටම කියන්නේ මොකක් ගැනද?

ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායායෙක්නෙ ජොලි සීයා කියන්නෙ.ඇත්ත නම චන්දු ද සිල්වා.ඉතින් මේ ජොලි සීයාගේ ලලක්කා සිංදුව කා අතරත් ප්‍රසිද්ධයිනෙ.ඊයේ උදේ කෝච්චියේ යනකොට අහම්බෙන් වගේ මට මේ සිංදුව ඇහුනා.මුලින් නම් මට හිතුනෙ මේක ආතල් සිංදුවක් කියල.මේ කියන්නෙ කවුරු හරි බඩුවක් වෙන්න ඇති කියලත් හිතුන.ඒත් දෙවෙනි තුන් වෙනි පාරත් මම මේ ගීතයම ඇහුවා.මට වෙනස් අදහසක් හිතුනා.අහල බලන්නකෝ ගීතය.

බජාර් එකේ ලලක්කා

කොල්ලො හිත හොඳ අක්කා

සුර සැප වික්කා

කාගෙත් වත ගොත රැක්කා

සිල් අරගත්තා

පෝයට සීලෙත් රැක්කා

සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා

මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා

මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා

හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා

මයියොක්ක පිපිඥ්ඤා

වම්බටු පොඩි බණ්ඩක්කා

කන්නට ආසලු ඉඳ හිට වැටකොලු අක්කා

නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා

නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා

දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා

බජාර් එකේ ලලක්කා…

අක්කගෙ අම්ම ඉසක්කා

ඉස්සර එලවළු වික්කා

කීර පලා සොයා නෙලා වට්ටියෙ දොක්කා

නෝන පලා ගන්නවද කියල එලවළු වික්කා

නෝන පලා ගන්නවද අසා එලවළු වික්කා

වික්ක නොවික්කා ගානයි පාඩු මිසක්කා

බජාර් එකේ ලලක්කා… ///

ගායනය, සංගීතය – චන්දු ද සිල්වා (ජොලි සීයා)

ගී පද – ඇන්ටන් ජේ. ප්‍රනාන්දු

ඉන්නකෝ මට හිතුන දේ මම පදෙන් පදේට කියන්න.

බජාර් එකේ ලලක්කා

කොල්ලො හිත හොඳ අක්කා

සුර සැප වික්කා

කාගෙත් වත ගොත රැක්කා

සිල් අරගත්තා

පෝයට සීලෙත් රැක්කා

සිව් සැට මායං හොඳහැටි දන්නව අක්කා

මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා

මම ගෑණුත් දැක්කා ඒ වගෙ ගැහැණු නොදැක්කා

හුරුබුහුටියි හැඩකාරයි ගෑණි ලලක්කා

බජාර් එකේ ලලක්කා සරලයි වගේ පෙනුනට බජාර් එක කියන්නේ මේ ලලක්කා ජීවත් වෙන සමාජයට.ඒ කියන්නේ මේ කාන්තාව සමාජශීලී ඕන කෙනෙක් එක්ක හිනා වෙලා ආඩම්බර නැති කෙනෙක්.සුර සැපත් විකුණල තියෙනවා.අමුතුවෙන් කියන්න ඕන නෑනෙ!හැමෝගෙම රහසුත් රකිනවා. වගතුගත් රකිනවා.පාරිභෝගික විශ්වාසය. ජොබ් එක එච්චරයි.සල්ලි හොයන්න ඒ වැඩේ කලාට අනෙක් ගෑනු වගේ අපිට් පිනක් දහමක් කරගන්න ඕන.සිලුත් ගන්නව,සිලුත් රකිනව,හැබැයි පෝයට. සිව් සැට මායමුත් දන්නවලු.ඒ කියන්නේ පොඩ්ඩ්ඩක් මොලෙත් තියෙනව මොනව හරි වුනාම බේරිලා යන්න.රචකයා ගෑනු දැකල තියෙනවා ඕන තරම්.ඕපදූප කිය කිය,කෙස්වලු පටලවගන්න.ඒත් ලලක්කා එහෙම නෙමෙයි

කන පතේ පහරනේ නෑ.ඕං ගෑනු.ඒ වගේම ලස්සනයි.

මයියොක්ක පිපිඥ්ඤා

වම්බටු පොඩි බණ්ඩක්කා

කන්නට ආසලු ඉඳ හිට වැටකොලු අක්කා

නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා

නංගි රොසක්කා එතනම කසිප්පු වික්කා

දැක්ක නොදැක්කා වාගේ නංගිව අක්කා

මයියොක්ක පිපිඥ්ඤා

වම්බටු පොඩි බණ්ඩක්කා

කන්නට ආසලු ඉඳ හිට වැටකොලු අක්කා

මේ කියන්නෙ නම් ලලක්කා කන්න ආස දේවල් ගැන නෙමෙයි.ලලක්කා හම්බුවෙන්න එන විවිධ තරාතිරම්වල මිනිසුන්ගේ විවිද ශක්ති ප්‍රමාණයන්.ඒකත් ඉතින් හිතාගන්නකෝ මේ එළවලු වලට සමාන ශරීර අංගය මොකද්ද කියල!

ලලක්කා ලෝකෙට හොරෙනුයි තම ‍රැකියාව කරන්නේ.ඒත් ඇයගේ නංගිට ඇගේ ‍රැකියාව කරන්න බැහැ එහෙම.එයා විකුණන්නේ හොර මත්ද්‍රව්‍ය.අකට නංගිව ආශ්‍රය කරන්නත් ලැජ්ජයි.මොකද ලෝකෙට පේන්නේ නෑ අක්කගේ ව්‍යාපාරය.සමහර විට නෑකමෙන් අයින් නොකර  දන්නෙ නෑ වගේ ඉන්නව ඇති.මොකද පාරිභෝගිකයා අක්කව හම්බෙන්න කලින් නංගි හම්බෙලා දෙකක් දාගෙන එන නිසා ව්‍යාපාර දෙකම එකට වෙනවා.සමහර විට ඒ ව්‍යාපාරයේ හිමිකාරියත් ලලක්ක වෙන්න ඇති.ඔය ඕන තරම් ලොකු ලොකු උදවිය ව්‍යාපාර දෙක තුන කරන්නේ අයියල මල්ලිල දම්මල.මේකත් ඒ වගේ එකක්ද කවුද දන්නේ.

අක්කගෙ අම්ම ඉසක්කා

ඉස්සර එලවළු වික්කා

කීර පලා සොයා නෙලා වට්ටියෙ දොක්කා

නෝන පලා ගන්නවද කියල එලවළු වික්කා

නෝන පලා ගන්නවද අසා එලවළු වික්කා

වික්ක නොවික්කා ගානයි පාඩු මිසක්කා

මේ පද පේලිය නම් මට ඒහැටි පැහැදිලි නෑ.හැබැයි අම්ම විකුණල තියෙන්නෙ එළවළුම නම් වෙන්න බෑ.සමහර විට අම්මා මේ කෙල්ලො දෙන්නව ජීවත් කරවන්න කරමු ගේම වෙන්න ඇති.එලවලු හරි මොනව හරි මිනිස්සු කපටිකමට කුනු කොල්ලෙට ඉල්ලන්න ඇති.ඒ නිසා හැමදාම පාඩු ලබන්න ඇති.කොහොමත් මිනිස්සු හෙට්‍ටු කරන්නේ පොඩි මිනිස්සුන්ගෙනෙ! කවදාවත් ෆුඩ් සිටියට ගිහින් හෙට්‍ටු කරන්න යන්නෙ නෑනෙ?

අන්තිම පේලියේ තේරුම කාට හරි කියන්න පුළුවන්ම් comment  කරන්න.ඔබගේ අදහසුත් ඇතිනෙ ඒවත් කියන්න.මම කිව්වේ මට හිතෙන දේ.

“රයිට්…. අපි ලලක්කා කියල අලුත් ගීතයක්….. අහිංසක කාන්තාවක් ගැන ලියවුන ගීතයක් ගායනා කරන්ඩ…. දෙමු වැඩේ…. දෙන්ඩ පුතා… ශ්‍රැතිය දෙන්ඩ මහත්තයො…. හහ් හහ් හහ්… රයිට්…. ගැහැනි ලලක්කා….. හා… හයි…. කොල්ලො නටපියව් ඇතිවෙන්ඩ………”

 

 

Visits: 167

Leave a Reply

Your email address will not be published. Required fields are marked *