පොත් ජේද හොරකම

 “පොත් වල ජේද හොරකම”

කොහේ හරි සම්මානෙකට පාත්‍ර වෙච්ච පොතක් ඊට කලින් ලියපු පොතකින් ජේද පිටින්ම උස්සලා ලියපු එකක් ය කියලා සාක්ෂි සහිතව ඔප්පු වෙලා තියෙනවා.  ඒක ලියපු ගෑනු කෙනා වගේම එයාගේ යාලුවෝ කියලා හිතන්න පුලුවන් ගූ සූඩයෝ ටිකකුත් මේ වැඩේ සාධාරණීකරණය කිරීම, අනුවේදනීය ලෙස සානුකම්පිතකරණය කරමින් වත්ත වටේ රෙනවා දැකපු නිසා හොරකම් කල යුතු දේ සහ නොකල යුතු දේ ගැන පොඩි පාඩමක් කියලා දෙන්න මට හිතුනා. මේක අවුරුදු කීපයක් විවිධ දේවල් හොරකම් කරලා සහ පොතපත කියවලා ජීවිත අත්දැකීමෙන් ලැබුනු  පරිචයක් මත ලියන හින්දා උඹලට මා එක්ක එකඟ වෙන්න පුලුවන්. එකඟ නොවෙන්නත් පුලුවන්.

මානව ශිෂ්ඨාචාරය පුරාම හොරකම (අන්සතු දෙයක් රහසින් ගැනීම) පැහැර ගැනීම (අන්සතු දෙයක් බලහත්කාරයෙන් ගැනීම) කියන කාරණා අනන්ත අපරිමාණව වෙලා තියෙනවා. ඒක නවත්තන්න කවදාවත් බෑ. ශිෂ්ඨාචාරය සංවිධිත වෙන පළමු අවස්ථාවෙදිම එසේ හොරකම සහ පැහැරගැනීම නෛතිකව තහනම් කලා. හැබැයි මානුෂිකව ගත්තහම සමහර හොරකම් අපි නොතකා හරින්න ඕන. ඒ කියන්නේ ඔය “එයා මගෙ හිත හොරා ගත්තා” වගේ ආතල් නෙමේ. අර කොහෙද අම්මා කෙනෙක් ළමයින්ට කන්න දෙන්න අඹ ගෙඩි ටිකක් හොරෙන් කඩපු එක, ගෑනු ලමයෙක් ස්කෝලේ යන්න පොල් ගෙඩි 8ක් හොරකම් කරපු දේ වගේ මානුෂික දේවල් සමාජය විසින් එකතු පහදු වෙලා විසඳගන්න ඕන. ජිනතරන හාමුදුරුවන්ට හොරෙන් පන්සල් වත්තේ තැඹිලි කඩන එක, හොරෙන් අන්නසි වතුවලට පැනලා අන්නසි කඩන් කන එක අතීශය ග්‍රාම්‍ය ජීවිතයක් ගෙවපු මම හොරකම් කිරීම කියන සංකල්පය ප්‍රායෝගිකව ඉගෙනගත්ත තැන්. ඒ වගේ කොල්ලෝ කාලේ කරන ඒවා ලොකු සීන් නෙමේ.

සාමාන්‍යයෙන් තමන්ට නැති බැරි හින්දා කරන හොරකම් ගැන (කුඩු ගහන්න හෙම නෙමේ) මම මහ දාර්ශණික වදන් දෙන්න යන්නේ නෑ. මම කියන්නේ හොරකන් කල යුතු දේ සහ නොකල යුතු දේ. ඒ කතාව මෙහෙමයි.

සාමාන්‍යයෙන් මගේ ක්‍රමේට අනුව නම් බැංකුවක් කඩන එක, මැණික් ගලක් හොරකම් කරන එක, කඩයක් කඩන එක, ගෝල්ෆේස් එකේ ඉඩමක් කාට හරි විකුණලා කීයක් හරි කොමිස් විදිහට හොරා කන  එක, කෝටිපතියෙක් පැහැරගෙන කප්පම් ඉල්ලන එක, හයිවේ කොන්ත්‍රාත් එකක් දීලා 10%ක් ගන්න එක, බැදුම්කර බෑනගෙ කොම්පැනියෙන් විකුණන එක වගේ හොරකම් ෆුල් රෙස්පෙක්ට් පිට කරන්න පුලුවන් හොරකම්. ඒවා කරලා නඩු වැටුනත්, හිරේ ගියත් කොන්ද කෙලින් තියාගෙන ජීවත් වෙන්න පුලුවන්.

හැබැයි පොතක ජේද හොරකම් කරන එක, කලාකාරයෙක් මහන්සියෙන් ලියපු සිංදුවක් උස්සන එක, සුනාමියෙන් අවතැන් උන මිනිස්සුන්ට ආපු සල්ලි හොරකම් කරන එක, පන්සලකින් අට පිරිකරක් හොරකම් කරන එක, කොල්ලෙක් හදපු සොෆ්ට්වෙයාර් එකක් උස්සන එක, කොවිඩ් නිසා අසරණ වෙලා රට ඉදලා එන එවුන්ගෙන් හොරකම් කරන එක, වැල් වල වනලා තියෙන ගෑනුන්ගේ ජංගි හොරකම් කරන එක, හිඟන්නෙක්ගේ මාරු කාසි ටික උස්සන් දුවන එක, රඹුටන් විකුණන අහිංසකයින්ගෙන් කප්පම් ගන්න එක අමු ගූ… චාටර්…. පට්ට පජාත… වැඩක්. ඒවා කරන එවුන් පාරවල් වල බල්ලෝ බලල්ලු වගේ පණුවො ගහලා මැරෙන්න ඕන කියන එකයි මගේ මතය.  ෞඹ ඉස්කෝලේ ගිය එකෙක් නම්, නිවාඩුපාඩුවේ කල්පනා කලොත් ඔය හොරකම් වර්ග දෙක අතර වෙනසක් උඹට තේරෙන්න ඕන. අන්න ඒ වෙනස තේරුම් අරන් හොරකම් කිරීම තමයි ජීවිත අවබෝධය කියන්නේ. එහෙම නැතුව හොරකම් නොකර සාන්තු වරයෙක් වෙන එක නෙමේ.

ඒ නිසා උඹේ දරුවන්ට හොරකම ගැන කියලා දෙනකොට උන්ට ඔය වෙනස කියලා දීපල්ලා. උඹට බෑ උඹේ දරුවා හොරෙක් වෙන එක නවත්තන්න. ඒත් උඹට පුලුවන් ඌ ගූ හොරෙන් නොවී ජෙනුයින් හොරෙක් වෙන තැනට පත් කරන්න උඹට වගකීමක් තියෙනවා. උඹ ඒ වගකීම ඉෂ්ට කලහම අනාගත පරපුරවත් පිළිවෙලකට ජෙනුයින්ලි හොරකම් කරයි. නැත්නම් ඉතින් 2050- 2100 දිත් ඉතින් අපිට මැරිලා වලේ ඉන්නකොටත් අහන්න වෙන්නේ පොත්වල ජේදයි, මහජන කක්කුස්සි හදන්න ගිහින් ඒවයෙන් හොරා කාපුවයි, වසංගත වලට ටෙස්ට් කිට් ගේනකොට ඒවයින් ටීවී චැනල් කාරයෝ හොරා කාපුවයි ගැන වලට වෙලා අහගෙන ඉන්න. ඒ නිසා මගෙ මරණෙන් මතු ජීවිතේ ගැන හිතලා හරි හරියට ළමයින්ට උගන්නපල්ලා.

Shane Mahendra Priyawickrama

Visits: 591

Leave a Reply

Your email address will not be published. Required fields are marked *