කල්‍යාණ මිත්‍රයා

කුමාරෝදය පොතේ පාඩමක් කියවමු
කල්‍යාණ මිත්‍රයා
වනයෙක මුවෙක් ද කපුටෙක් ද කලක සිට
මිතව සිටියෝය. දවසක් මේ මුවා දුටු සිවලෙක්
උගේ මස් කෑමට කල්පනා කෙළේය. පළමුව
මුවා හා මිත්‍රවීම මැනවයි සිතු සිවතම ඌ
සමීපයට පැමිණ ඔබට සැපවේවා’ කියා ආචාර
කෙළේය. ඔබ කවරෙහිදැයි මුවා පිළිවිසියෙන්
වනයේ සිටින සිවලෙක්මි. ඔබ
මිත්‍රවීමට කැමැත්තෙමි ” යි කීය. මුවා ඊට හා
සතුටු විය
සවස් කල අලුත් මිත්‍රයෝ දෙදෙනා නිවෙස
කරා පිටත්ව ගියෝය. මේ දෙදෙනාගේ මිත්‍රකම
දුටු කපුටා, ” යහළුව මේ කවුදැ ‘ යි මුවාගෙන්
ඇසීය.
‘‘අප සමග මිතුරුව සිටීමට කැමති
සිවලෙකි” යි, මුවා කීය. සිවලා කපටියකු බැව්
දැන සිටි කපුටා අලුත් මිත්‍රයා ඉක්මනින් විස්වාස
කටයුතු කෙනකු නොවන බව කියා සිටියේය.

මේ වචනය ඇසූ සිවලා හා කපුටා අතර ඇති වූයේ
අමනාපයෙකි. එහෙත් මුවා දෙදෙන සමාදාන
කෙළේය. පසුදින සිවලා මුවා කැඳවා ගෙන අසළ
කුඹුරකට ගියේය. එහිදී ගොවියකු විසින් මානා
තිබුණ උගුලකට මුවා අසුවිය. තමා මේ උගුලෙන්
බේරා ගන්නා ලෙස මුවා ඉල්ලා සිටි නමුත්
” හෙට උදය ඔබව ගලවා ගැනීමට උපායක්
සොයා එමි”යි කියා සිවලා යන්නට ගියේය.
ඉකබිති කපුටා මුවා සොයනුයේ සිදුවී ඇති
විපත දුටුවේය. “යහළු කපුටුව, මම ඔබගේ
අවවාදය නොසැලකුවෙමි කපටි සිවලා නිසා
මම උගුලකට අසුවීමි. ඌ මගේ මස් කනු පිණිස
මෙහි පසෙක බලා සිටී’ යයි මුවා කීවේය.
” මිත්‍රය හෙට උදයෙන් ම ගොවියා මෙතනට
එයි. ඔබ මළ එකකුසේ සිටින්න. මා ශබ්ද
කළවිට පැන දුවන්නැ” යි කපුටා කීවේය.
ගොවියා මුවා දැක මහන්සේ ප්‍රීතියට පත්ව
උගුලේ බැමි බුරුල් කෙළේය. එකණෙහි ම
කපුටා හැඬීය. මුවා විදුලියකට බඳු වේගයෙන්
පැන දිව්වේය. කෝපයට පත් ගොවියා අත තිබූ
පොලෙන් මුවාට ගසන ලද පහර ඒ අසල
සැඟවී සිටි සිවලාට වැදී ඌ එතැන්හි ම මළේය.

Visits: 225

Leave a Reply

Your email address will not be published. Required fields are marked *