කොරෝනා වැළදීමේ වැඩි අවදානම පුරුෂයින්ට ?

කොරෝනා වෛරසය පිරිමි පුද්ගලයන්ට වැළඳීමේ ඉහළ අවදානමක් පවතින බව යුරෝපා අධ්‍යයන කණ්ඩායමක් සිදුකළ නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබේ.

එහි දැක්වෙන්නේ පිරිමි පුද්ගලයන්ගේ රුධිරයේ අඩංගු ඒ.සී.ඊ. 2 එන්සයිම මට්ටම ඉහළ බැවින් කාන්තාවන්ට වඩා ඔවුන්ට කොරෝනා ආසාදනය වීමේ ඉහළ අවදානමක් පවතින බවයි.

ඒ.සී.ඊ. 2 එන්සයිමය හෘදය වස්තුව, වකුගඩු සහ අනෙකුත් අවයව ආශ්‍රිතව පවතින අතර, කොරෝනා වෛරසය පෙණහළු තුළ වර්ධනය වීමට අදාළ එන්සයිමය ක්‍රියාකාරී භූමිකාවක් ඉටුකරනු ලබන බව සඳහන් වේ.

මේ අතර ප්‍රංශය තුළ පනවා තිබූ සීමාකිරීම් සහ වසා දැමීම් ලිහිල් කිරීමත් සමඟ ප්‍රංශ ජනතාවට අද පළමුවරට අවසර පත්‍රවලින් තොරව නිදහසේ එළිමහනේ ඇවිද යාමට අවස්ථාව හිමිව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

ස්පාඤ්ඤයේ බාසිලෝනා සහ මැඞ්රිඞ් අගනුවර ජනතාවට ද අද අවන්හල් සහ තැබෑරුම්වලට යාමට අවස්ථාව හිමිවී ඇත.

ඇමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම්ට කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු වීමෙන් පසු ස්වයං නිරෝධායනය සඳහා යොමුකළ උප ජනාධිපතිවරයාට එම වෛරසය ආසාදනය වී නොමැති බව සිදුකළ පරීක්ෂාවේදී තහවුරු වී තිබේ.

ඒ, අනුව ඔහු ස්වයං නිරෝධායනය අවසන් කර ධවල මන්දිරයට අද දිනයේදී පැමිණීමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Visits: 158

Leave a Reply

Your email address will not be published. Required fields are marked *