COVID-19 දැරියන් සහ කාන්තාවන් අනපේක්ෂිත ගැබ්ගැනීම් සහ හිංසනයට ලක්වීමේ අවධනමක

Girl with Mask Picture by New Indian Express
කොරෝනා වසංගතය නිසා ලොව පුරා කාන්තාවන්ගේ අයිතිවාසිකම් වලට විනාශකාරී බලපෑමක් එල්ල විය හැකි බවට එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) අනතුරු අඟවයි.
COVID-19 පැතිරීම පාලනය කිරීම සඳහා ලොව පුරා විවිධ රටවල් අගුලු දැමීම් (lock down) තත්ව ප්‍රකාශ කර ඇති අතර පාසල්ද වසා දමා ඇත
නමුත් මේ අතරතුර, ළමා විවාහා, කාන්තා චර්ම ඡේදනය කිරීම් සහ පවුල් සැලසුම්කරණයෙන් බැහැරව සිදුවන ගැබ් ගැනීම් පිළිබඳව වාර්තා වීම් ඉහළ ගොස් ඇත.
“උපත් පාලනය නිසි ආකාරව නොවීමෙන් ලෝකයේ කාන්තාවන් මින් පෙරත් කම්කටොළු වලට මුහුණ දුන්නා.
නමුත් කොරෝනා වසංගතය නිසා නිවෙස් තුළ සිර වීමත් සමඟ මිලියන ගණනක් කාන්තාවන් සහ ගැහැණු ළමයින් ප්‍රචණ්ඩත්වයට ලක් වීමේ අවදානමකට ලක්ව සිටිනවා” යැයි UNFPA විධායක අධ්‍යක්ෂ නටාලියා

කනෙම් යුරෝ නිව්ස් වෙත පැවසීය.

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් මෙම වසංගත කාලය තුළදී අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල කාන්තාවන් හට සෞඛ්‍ය සේවා ලබා ගැනීමට ඇති අපහසුවත්, පවුල් සැලසුම්කරණයට යොමු වීමට ඇති නොහැකියාවටත් හේතූන් පිළිබඳව අධ්‍යනයක් කරමින් සිටියි.
කොරෝනා වසංගත කාලය තුළ නිවෙස් තුළ සිරවී සිටින පවුල් වල අභ්‍යන්තරයේ මතුවී ඇති සමාජීය හා ආර්ථික ගැටළු නිසා ‘ ගෘහාශ්‍රිත හිංසනයේ ගෝලීය වශයෙන් සිදුවන ඉහළ යාමක්’ ගැන එම සංවිධනය අනතුරු හඟවයි.
සෑම රටකම පාහේ අපයෝජනයට ලක්වන කාන්තාවන් හා ගැහැණු ළමයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත්, ඉදිරි මාස හය තුළ පමණක් මිලියන 30 කට අධික කාන්තාවන් COVID-19 lock down තත්ත්ව හේතුවෙන් ප්‍රචණ්ඩත්වයට ගොදුරු වන බවත් එහි සඳහන් වේ.
Visits: 213

Leave a Reply

Your email address will not be published. Required fields are marked *