ඉර්ෆාන් ඛාන් යනු කවුද?

නප්‍රිය බොලිවුඩ් නළු ඉර්ෆාන් ඛාන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට එතුමා 53 හැවැරිදි වියේ පසුවූවා.
ඉර්ෆාන් ඛාන් පිකු, මක්බූල්, හාසිල් සහ පාන් සිං තෝමර් යනාදි සාර්ථක බොලිවුඩ් චිත්‍රපට 100ට වැඩි ප්‍රමාණයකට සිය රංගනය එක් කර ඇත.
ඔහු රඟපෑ ඉංග්‍රීසි බසින් නිමවුණු චිත්‍රපට අතර The Amazing Spider-Man, Life of Pi, Jurassic World සහ Inferno ද වේ.
සිනමාව වෙනුවෙන් කළ සේවයට 2011 වර්ෂයේදී ඉර්ෆාන් පද්ම ශ්‍රී සම්මානයෙන් පිදුම් ලබනවා
2018 වසරේ පෙබරවාරියේදී ඉර්ෆාන් ඉතා දුර්ලභ පිළිකාවකින් (Neuroendocrine Tumor) පෙළෙන බව වෛද්‍යවරු අනාවරණය කළා.
මහාන්ත්‍රය ආශ්‍රිත ආසාදනය හේතුවෙන් ඇති වූ සංකූලතාවයක් හේතුවෙන් මුම්බායිහිදී ඔහු මෙලොවින් සමු ගන්නා ලදි

Visits: 230

Leave a Reply

Your email address will not be published. Required fields are marked *