සති 9 කට පසු ඉතාලියේ කොරෝනා බැමි ලිහිල් කරයි

කොරෝනා වෛරසයෙන් යුරෝපයේ දැඩි බලපෑමකට ලක්ව තිබූ ඉතාලියේ සති 9 කට පසු අද පළමුවරට එරට වැසියන්ට තම ඥාතීන් බැලීමට නිදහස හිමිව තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ එරට පිරිමි පුද්ගලයන්ගේ සියයට 72ක පිරිසක් එනම් මිලියන හතරක ජනතාවක් අද සිට යළි තම වැඩබිම් වෙත පැමිණෙනු ඇති බවයි.
එමෙන්ම අවන්හල් ද ආහාර රැගෙන යාම සඳහා පමණක් යළි විවෘත කෙරෙන බවයි වාර්තාවන්නේ.
කෙසේ වෙතත් තැබෑරුම් සහ අයිස්ක්‍රීම් වෙළඳසැල් තවදුරටත් වසා තැබෙන අතර, පොදු ප්‍රවාහනයේදී සියලුදෙනාට මුඛ ආවරණ පළඳින ලෙසයි එරට සෞඛ්‍ය අංශ උපදෙස් දී ඇත්තේ.
ඉතාලිය එවැනි පියවරක් ගෙන ඇත්තේ එරටින් කොරෝනා ආසාදිතයන් දෙලක්ෂ 10,717ක් සහ මරණ 28,884ක් වාර්තාවන පසුබිමකයි.
Visits: 463

Leave a Reply

Your email address will not be published. Required fields are marked *