දැනට මං දන්න විදිහට ජිවමානව ඉන්නකොට මිත්‍යාවක් විදිහට හිටිය ජීවියෙක් සැබැ ලෙස දැක්කමයි…ලංකාවෙන් සොයා ගත්තා කියන විඩියොවක් පවා අන්තර්ජාලයෙ සැරිසැරුවා කාලයක….

දැනට මං දන්න විදිහට ජිවමානව ඉන්නකොට මිත්යාවක් විදිහට හිටිය ජීවියෙක් සැබැ ලෙස දැක්කමයි…ලංකාවෙන් සොයා ගත්තා කියන විඩියොවක් පවා අන්තර්ජාලයෙ සැරිසැරුවා කාලයක….
ලෝකවාසීන් අතර ජනප්රියව සිටින අද්භූත සතුන් පිළිබඳ ප්රවාද වැඩි හරියක්‌ අවුරුදු දහස්‌ ගණනක්‌ පැරැණිය. එහෙත් “චුපකබ්රා” යනු 1970 න් පසු පහළ වූ අද්භූත සතෙකි. මේ සතා පිළිබඳ පළමුවන සාක්‌ෂිය 1975 දී පුවර්ටෝරිකෝ රාජ්යයේ Moca (මොකා) නමැති නගරයෙන් හමුවෙයි. එහිදී සිදු වූයේද එළුවන් මරා ලේ උරා බීමකි. කිසිදු එළුවකුගේ මාශය අනුභව කර නොතිබූ නිසා එය සාතනික කල්ලියක හෙවත් දෙවියන් වශයෙන් සාතන් නමැති යක්‌ෂයා අදහන කල්ලියක බිලි පූජාවක්‌ යෑයි මොකා නගරවාසීහු විශ්වාස කළහ. ස්‌වල්ප කලක්‌ තුළ එම නගරයට අයත් සත්ත්ව ගොවිපළ විශාල ගණනක සත්තු ලේ උරාබී මරා දමන ලදහ. ඒවාද තේරුම් ගැනීමට බැරි අබිරහස්‌ මරණ ලෙස ඉතිහාසයට එකතු විය. මියගිය සතුන්ගේ ගෙලෙහි කුඩා නමුත් ගැඹුරු සිදුරු දෙකක්‌ පිහිටීමත් උන්ගේ ශරීරවල රුධිරය සම්පූර්ණයෙන්ම සිඳී ගොස්‌ තිබීමත් විශේෂ ලක්‌ෂණයක්‌ විය. වසර කිහිපයක්‌ ගතවන විට ආර්ජන්ටිනාව, බොලිවියාව, චිලිය. කොළොම්බියාව, හොන්ඩියුරස්‌, එල්සැල්වදෝර්, නිකරගුවා, පැනමා, පීරු, බ්රසීල, එක්‌සත් ජනපදය, මැක්‌සිකෝව, ඩොමිනිකන් ජනරජය යන රටවලින්ද මෙබඳු සත්ත්ව ඝාතන වාර්තා විය. එවිට ඝාතනවල ලේ උරාබීමේ ස්‌වභාවය අනුව පුවටෝරිකෝ ජාතික විකට ශිල්පියකු විසින් එම ඝාතන සිදු කරන අද්භූත සත්ත්වයාට “චුපකබ්රා” යන නම තබන ලද්දේය.
මේ අතර චූපකබ්රා සත්ත්වයාගේ ස්‌වරූපය පිළිබඳ ලතින් ඇමරිකාවේ දුර බැහැර ගම්වලින් මෙන්ම නගරවලින්ද වාර්තා ලැබෙන්නට විය. එම වාර්තාවලට අනුව වසර පහක පර්යේෂණයකින් පසු අදාළ සතාගේ ස්‌වරූපය පිළිබඳ තීරණය කරන ලදී. චුපකබ්රා සතා ඇඟේ ලොම් නැති, දිගු වලිගයක්‌ ඇති, උල් දත් සහ දිගු නියපොතු ඇති දෙපයින් සිටගත හැකි ශක්‌තිමත් තිරිසනෙක්‌ විය.
තවද දුටුවන් පවසන පරිදි මෙම සත්වයා අඩි 4.5 ත් 5.5 ත් අතර උස ප්රමාණයකින් යුත් ඕවලාකාර හිසක් හා විශාල රතු ඇස් සහිත සත්වයෙක්.බොහෝ දුටුවන් පවසන පොදු ලක්ෂණ ලෙස මෙම සත්වයාට උරගයෙකු වැනි සම මත කොරපොතු සහිත ⁣ගෙබ්බෙකුගේ මෙන් කොළ පැහැ සමක් පවතින බවත් පිටමත තියුණු කටු සහිත බවත් ඇවිදයාමට වඩා මොහුගේ පසුපස ගාත්රා මගින් කැන්ගරුවෙකු මෙන් පැන පැන යාමට සකස් වී ඇති බවත් සියැසින් දුටුවන් පවසයි.
චුපකබ්රා පිලිබඳව වාර්තා වන සිද්ධි දාම අතර වර්ෂ 1995 මාර්තු මාසයේ ඇමරිකාවට අයත් පුවටෝ රිකෝ ( Puerto Rico) දූපත්වාසීන්ට අත් දකින්න ලැබූ අද්භූතජනක සිදුවීම විශේෂයි.දූපතේ ගොවිපොළක ඇතිකල බැටළුවන් අටදෙනෙක් එකවර මියගොස් තිබීම ඊට තුඩුදුන් කාරණයයි. සෑම සත්ත්වයෙකුගේම වාගේ පපු ප්රදේශයේ වූ තුවාලයකින් ලේගලා යාම නිසා මියගොස් සිටි එම සතුන්ට කුමක් සිදු වීදැයිසොයා ගන්නට හෝ මරණයට හේතුව සොයා කුමක්ද යන්න සොයාගැනීමට කිසිවෙකුට නොහැකිව තිබිණි.
මෙයින් මාස කිහිපයකට පසු එනම් අගෝස්තු මාසයේ දී පුවටෝ රිකෝ රාජ්යයේම කැනෝවන්ස් (Canóvanas) නගරයේ වැසියෙකු වූ මැඩෙලින් ටොලෙන්ටිනෝ විසින් අද්භූතජනක ජීවියෙකු විසින් නගරයේ නිවාස වල සුරතල් සතුන් මරා දමන අන්දම සියැසින් දුටු බවක් සඳහන් කර තිබේ. නමුත් එය එවකට කිසිවෙක් පිළිගෙන නැත්තේ ටොලෙන්ටිනෝ මානසික රෝගියෙකු යැයි සිතමින්. මේ ආකාරයට කැනෝවන්ස් නගරයේ සතුන් 150ක් පමණ අද්භූත ආකාරයෙන් මිය යන තෙක් නගරවාසීන්ගේ අවදානය එයට යොමු නොවී තිබීම පුදුමයකි.
මැඩෙලයින් ටොලෙන්ටිනෝ
මේ සිදුවීම් වලට සම්බන්ධ අද්භූත සත්ත්වයෙකු පිළිබඳ ඉඟියත් සමග පුවටෝ රිකෝවේ ප්රසිද්ධ හාස්ය නළුවෙක් හා ව්යාපාරිකයෙකු වන සිල්වරියෝ පෙරේස් ( Silverio Pérez) විසින් මෙම අද්භූත සත්ත්වයා චුපකබ්රා ලෙස නම් කරන ලදි. ස්පාඤ්ඤ බසින් චුපර් (chupar) යනු උරාබොන්නා යන්න වන අතර කබ්රා (kabra) යනු එළුවා යන්නයි. එනම් චුපකබ්රා යනු එළුවන් ගේ ලේ උරාබොන්නා යන අර්ථය දෙන ලෙසින් නාමය සැදී ඇත.
මේ ආකාරයට පුවටෝ රිකෝ රාජ්යයෙන් ආරම්භ වූ මෙම භීෂණය පසුව ඇමරිකානු මහද්වීපය පුරා විවිධ ස්ථාන වලින් වාර්ථා වීමට ආරම්භ වන්නේ මුලු ලෝකයේම අවධානය ඒ වෙතට යොමුවෙමින්.
බෙන්ජමින් රඩ්ෆෝර්ඩ් සහ ඔහුගේ Tracking the Chupakabra පොත
ඇමරිකානු ලේඛකයෙක් හා ගවේෂකයෙකු වන බෙන්ජමින් රඩ්ෆෝර්ඩ් ( Benjamin Radford) ගේ වසර පහක චුපක්බ්රා ගවේෂණ වලින් පසුව 2011 දී ඔහු විසින් නිකුත් කළ Tracking the Chupacabra නම් පොත චුපක්බ්රාවන්ගේ මතිමතාන්තර වෙනම දිශාවකට ගෙනයන්නක් විය. පුවටෝ රිකෝ හි පළමු චුපකබ්රා ඇසින් දුටු සාක්ෂිකාරිය වූ මැඩෙලයින් ටොලෙන්ටිනෝ ගේ ප්රකාශ සැලකිල්ලට ගත් ඔහු අනාවරණය කරගත්තේ වෙනත්ම කතාන්තරයකි.
රඩ්ෆෝඩ් විසින් මැඩෙලයින්ගෙන් චුපකබ්රා පිළිබඳ තොරතුරු ලබාගනිමින්.
එනම් ඇය විසින් චුපකබ්රා දකින්න ආසන්න කාල වකවානුවේ දී ඇය විසින් එකල ජනප්රිය බිහිසුණු හොලිවුඩ් චිත්රපටයක් වූ Species චිත්රපටය නරඹා තිබුණු බවයි. එම සිනමාපටයේ සිටින බිහිසුණු සත්ත්වයා වන Sil ඇය විසින් විස්තර කරන චුපකබ්රාගේ ස්වරූපයට බොහෝ සෙයින් සමාන බැවින් එම චිත්රපටයේ දර්ශන ඇගේ සිතේ තදින් බැඳී තිබීම සතෙකු බුදිමින් සිටින වෘකයෙකු හෝ නරියෙකු ඇයට චුපකබ්රාවෙකු ලෙස පෙනීම සිදුවී ඇති බවට රඩ්ෆෝර්ඩ් පෙන්වාදෙයි.
Species චිත්රපටය
එමෙන්ම 2010 වසරේ ඔක්තෝබරයේ දී මිචිගන් සරසවියේ (University of Michigan)ජෛවවිද්යාඥයෙක වන බැරී ඕ කෝනර් විසින් විසින් කරන ලද පර්යේෂණ වලින් හෙලි වූයේ කාන්තාර ආශ්රිත කොයෝටේ (Coyote) සතුන්ට Sarcoptes scabiei නම් පරපෝෂිතයාගේ බෝවීම නිසා එම සතුන්ගේ ලෝම හැලී සම ඝනකම් වී විරූපී වීම නිසා භයංකාර ස්වරූපයක් ඇතිවීම මෙම චුපකබ්රා ස්වරූපය ඇතිවීමට හේතු වන්නට ඇති බවයි. එමෙන්ම ඔහු වැඩිදුරටත් කියාසිටින්නේ කොයෝටේ සතුන් එම පරපෝෂිත ආසාදයෙන් දුර්වල වීම නිසා පුරුදු ලෙස වනසතුන් දඩයමේ නොගොස් ගොවිපොළ වල සිටින් කොටු වූ සතුන් සොයා පැමිණෙන බවයි.
චුපකබ්රා දුටුවන් පවසන්නේ ඌ උරගයෙකු වැනි කොරපොතු සහිත අළු පැහැ හෝ කොල පැහැ ඝනකම් සමක් ඇති පිට මත ඉතා තියුණු කටු පෙළක් සහිත සත්ත්වයෙකු බවයි. අඩි 3ත් 4 ත් අතර උසක් ඇති මෙම සත්ත්වයා කැන්ගරුවෙකු මෙන් පසුපස ගාත් වලින් සිටගෙන සිටින බවක් කියැවේ.
ආසාදිත කොයෝටේ සත්ත්වයෙක්
මේ අනුව බොහෝ චුපකබ්රා පර්යේෂකයන් කියනා අන්දමට මෙම සත්ත්වයා කොයෝටේ හෝ කැලෑ බල්ලෙකු (Mexican Hairless Dogs)විය හැකි බව සඳහන් වුවත් මෙතෙක් සිදුවූ කිසිඳු චුපකබ්රා පහර දීමකදී එම කිසිඳු සතෙකුගේ සිරුරු වල මස් අනුභව කිරීමක් දැකගත හැකිවී නොමැත. කොයෝටේ හෝ බල්ලන් සතුන් මරන්නේ මස් කෑම පිණිස මිස සිරුරු වල රුධිරය බීමට නොවන බව නොරහසකි. චුපකබ්රා යනු කොයෝටේ සතෙකු හෝ වෙනත් හඳුනාගත් වනජීවියෙකු බව තහවුරු කිරීමට වෙර දරණ ගවේෂකයන් හා පර්යේෂකයන් ගැටළුවට ලක්වන තැන මෙතැනය.
කෙසේ නමුත් ඇතැම් රටවල් චුපකබ්රා නිසා තම රටේ සංචාරක කර්මාන්තය දියුණු කරගැනීමට උත්සුක වී සිටිති.
උපුටා ගැනිමකි
Visits: 289

Leave a Reply

Your email address will not be published. Required fields are marked *